Sunday, 10 April 2016

පැරණි පෙමක අලුත් වූ මතකය



ආදරය හරිම පුදුමාකාර දෙයක්. ලැබීම් නොලැබී අතරේ ජීවිතේ කොයි විදිහට තීරණය වෙලා ගියත් ආදරේ කියන්නේ සුන්දරම දෙයක්. ඒක අමුතුවෙන් ලියලා විස්තර කරන්න ඕන දෙයක් නෙමෙයි. මම වගේම ඔබ හැමෝමත් විඳලා ඇති.

මම ඇය ගැන කලිනුත් කියලා ඇති. ඇය හංසි. ඇයව මට මුණ ගැහුනේ ඉස්කෝලේ යන කාලෙදී. ඒ ආදරේට ඉස්සරහට යන්න බැරි උනත් ඒ මතකය එක්ක බැඳුන අතීතය ඇත්තටම ලස්සනයි. මට තාම මතකයි ඒ ඉංග්‍රීසි පන්තිය ඉවර වෙලා එන පාරේ අපි කතා කර කර ආපු හැටි. ඒ දුරකථන සංවාද සුන්දරම ප්‍රේමයක මතක සටහන් විදිහට ජීවිතෙන් අමතක නොවේවි.

මට ඇයව අන්තිම වතාවට මුණ ගැහිලා දැන් වසර 10 වෙන්න එනවා. ඒ අපි 2006 A/L ලියපු අවුරුද්ද. ඉංග්‍රීසි පන්තියේ අන්තිම දවස. එදා ඒ වෙන්වීම මම ඇයව දකින අන්තිම දවස කියලා හොදටම දැනන් හිටියත් ඒක පිළිගන්න තරම් අකීකරු හිත ලෑස්ති වෙලා හිටියේ නෑ. ඉදලා හිටලා දුරකථනය ඇයව මගේ ජීවිතයට ලං කලත් ඒ හැම දේකම බලාපොරොත්තු නොවන අවසානයක් රැදිලා තිබුනා. ඒ ඇය ඒ වෙද්දිත් වෙන කෙනෙකුගේ පෙම්වතියක් නිසා. මම ඒ බව නොදැන ඇයට ආදරේ කරපු ඇයට ආදරේ ප්‍රකාශ කරපු පෙම්වතෙක්.

කාලය ගෙවිලා ගියා. මතකය විතරක් ඉතුරු උනත් අපි අතර ඉදලා හිටලා වත් තිබුන දුරකථන සංවාදත් හෙමිට අඩුවෙලා ගිහින් අපි අපෙන් බොහෝම දුරස් වෙලා ගියා. මම ඊට අවුරුදු දෙකකට පස්සේ ඉතාලියට ආවා. ෆේස්බුක් එකටවත් ඒච්චර උනන්දුවක් නොතිබුන කාලේ ඇය ගැන තිබුන එකම සම්බණ්ඳය දුරකථන අංකය විතරයි. ඒත් ටික කාලෙකින් ඒකත් නැති වෙලා ගියා.

ඇයව මුණ ගැහෙන්න ඕන කරපු ඇයව හොයාගන්න ඕන වුන වෙලාවල් පහුගිය අවුරුදු ගානට ඕන තරම් තිබුනා. ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගත්ත කාලේ ඉදන් ඒ නම සර්ච් කරපු වාර ගනන කොච්චරද කියලා මට මතක නැහැ. සම්බණ්ඳ කර ගන්න බැරි උන ඒ දුරකථන අංකයට කෝල් කරපු වාර ගනන ගැන මම කියන්න දන්නේ නෑ. ඒත් ඒ හැම දෙයක්ම අසාර්ථකයි.

ඒත්, ජීවිතය කියන්නේ හරිම අපූරු දෙයක්. ඒ අපූරු කම මට තේරුනේ වතාවක් දෙවතාවක් නෙමෙයි. ජීවිතේ හුඟාක් තැන් වලදී මම ඒ අපූරු  බව විඳලා තියෙනවා.

විශ්වාසකරන්න, මට ඊයේ ඇයව මුණ ගැහුනා. ඔවු, ඇයව මුණ ගැහුනා. මේ ලෝකේ හරිම පුංචි තැනක්. මේ පුංචි ලෝකේ ඇතුලේ ඕනම කෙනෙක්ගේ දෙවනි හමුවීමක් වෙන්න පුළුවන් කියන එක මම ඊයේ තේරුම් ගත්තා. හැබැයි මගේ කතාවෙ නම් ඒක ගොඩාක් ලොකු කාලයකට පස්සේ.

අකමැති අවුරුදු ශොපින් වලට යන්න සෙට් වුනේ හරියටම අවුරුදු 8කට පස්සේ. ඒ ගමන මේ තරම් සුන්දර එකක් වේවියි කියලා මම කොහෙත්තම බලාපොරොත්තු වුනේ නෑ. හවුස් ඔෆ් ෆැශන් එකේ හිටිය සෙනඟ අස්සේ ඒ මුහුණ මම කොහොම නම් අඳුන ගන්නේ නැතුව ඉන්නද? හිතට ඒ දවස් වල ආදරෙන් ලං වුන හිනාව කොහොම අමතක වෙන්නද?

මම ඇය දිහා බලාගෙන හිටියා. සෙනඟ අතරේ වුනත් මම ඇය දිහා බලාගෙන හිටියා. ඇත්තටම මට ඕන වුනේ ඇය ලගට ගිහින් කතා කරන්න වුනත් මගේ හිත මාවත් එක්කම ගල් ගැහිලා තිබුනා. ඒ ගියත් කොතනින් පටන් අරන් කොහොම කතා කරන්නද?

කතා කරන දේ ගැන අරමුණක් නැතත් මම ඇය හිටිය පැත්තට ඇවිදන් ගියා. කතාකරන්න දෙයක් කොහෙන් හරි අමුණ ගන්න බැරි නැහැ කියලා හිතට හොදටම විශ්වාසයි. ඒත්, එක දඟකාර ඇස් දෙකක් මාව නතර කරා. ඒ ඇගේ දියණිය කියලා විශ්වාස කරන්න තරම් හේතු මට තිබුනා. ඒ හිනාව, ඒ ඇස් දෙක.

මම දුරට වෙලා ඒ දිහා බලාගෙන හිටියා. අවුරුදු 10ක් ජීවිතේ කොච්චර දේවල් නම් වෙනස් කරලද? අන්තිම වතාවට ඉස්කෝලේ යුනිෆෝර්ම් එකෙන් දැක්ක පරණ ආදරය අද ඊට වඩා හුඟක් වෙනස් වෙලා ගිහින්. ඇය දැන් මවක්. අවංකවම මගේ මුවගට ආවේ සිනහවක්. ඒ ඇය ගැන සතුටින්.

ඊට පස්සේ ගෙවුන විනාඩි තිහක විතර කාලය මම ඇයට නොදැනෙන්න ඇය දිහා බලාගෙන හිටියා. අවුරුදු ගානක බලාපොරොත්තුවක් අහම්බෙන් වගේ ජීවිතේ ලගටම ආවත් කතාකරන්න තරම් ශක්තියක් හිතට ආවේ නෑ. සමහරවිට මේ හොදම විදිහ වෙන්න ඇති. ඇය දියණියත් එක්ක අපහු යන දිහා මම බලාගෙන හිටියා.

ජීවිතේ සමහර ආදරයන් අමතක කර නොහැකියි. මේ, ඒ වගේ ආදරයක්. 



50 comments:

  1. සමහර මතක තියෙනවා අමතක වෙන්නේ නැති.... මාත් ඔය ෆේස් බුක් සර්ච් කරන වැඩෙයි පරණ අංක වලය ඩයල් කරන වැඩෙයි කොච්චර කරලා ඇද්ද... ඒත් එක්කෝ ඒක පස්සේ දවසක ලියන්නම් මතකය අවදි කලා උඹ ඉදි කට්ටෝ

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම එකම බෝට්ටුවේ..

      Delete
    2. කිඹුලි, මතකයෙන් දුවන්න බෑනේ බං අක්කේ.

      Delete
    3. ලොක්කයියා, අනිවා මචං.

      Delete
  2. පෝස්ට් එක වචන කීපයක් කියවලා බුකියෙ සර්චුවක් දැම්ම කියපන්කො සෑහෙන වෙලාවක්..මේක මහ පුදුම දෙයක් බං.ඒ හැඟීම ආදරේ කියල හඳුන්වන්න අමාරුයි.ඒත් නමක් දෙන්න අමාරු දැනිල්ලක්..
    බ්ලොග් වලට ආවෙම ගස්ලබ්බගෙ ඔය වගේ සීන් එකක් කියාගන නෙව.මේ තියෙන්නෙ.
    http://gaslabba.blogspot.com/2015/02/blog-post_23.html
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක ආදරේම නොවුනත් හිත ආදරේ කරන ලස්සන අතිතයක්. ඒකනේ බං ඉදලා හිටලා මතක් වුනත් හොයලා බලන්න හිතෙන්නේ. ඒක කාටත් එහෙමයි.

      Delete
  3. වචනයක් වත් කතා කරන්න බැරි උන හැබැයි ඇස් වලින් ගොඩක් දේවල් කතාකල මේ වගේම කෙනෙක් තාමත් හොයනවා ..එයත් හම්බුනේ ඉංග්‍රීසි පංතියක දි.දුරකථන නාමාවලි ,මුහුණු පොතේ ,අන්තර්ජාලෙ මේ හැම තැනම ඒ අමතක කරන්න බැරි නම ,මුහුණ තාමත් හොයනවා. මං හිතන්නේ දැන් අවුරුදු 10 වැඩි ඒත් තාමත් හොයනව .... එකම එක දවසක් හරි ආයෙම හම්බවෙයි කියන සිතිවිල්ලෙන් .

    ReplyDelete
    Replies
    1. ආයෙම මුණ ගැහෙන්න වෙලාව ආවම අනිවා මුණ ගැහෙයි. එදාට ලෑස්ති වෙලා ඉන්න.

      Delete
  4. Replies
    1. අනිවාර්යෙන්ම.

      Delete
  5. ඇත්ත කතාව සමහර ආදරයන් අමතක කරන්න අමාරුයි තමා.කොච්චර උත්සහා කලත් අමතක කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඒ අපි ඒ අයට හිතින් තදින්ම ආදරේ කරපු නිසා.

      Delete
  6. බොහොම සුන්දර මතකයක්.
    ඔය වගේ මතක මම හිතන්නනේ අපි හැමෝටම තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔවු මචං. ලබාගන්න බැරි උන ආදරයක් අපි කාටත් තියෙනවනේ.

      Delete
  7. අපූරු සිදුවීමක්...

    ReplyDelete
  8. සුන්දර මතකයක්. ඔව් ඒ වුණේ හොඳම විදිය වෙන්න ඇති.. :) ෆේස්බුක්, දුරකථන අංක හැමදෙයක්ම තිබිලත් ලං වෙන්න බැරි ආදරේකට වඩා ඔහොම වෙන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. :(

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දෛවය.

      Delete
  9. පරණ ප්රෙමයන් නැවත හමුවීම හරිම ආශ්වාද ජනකයි. හැබැයි ඒ ආශ්වාදය විදින්න පුළුවන් අවංකව මහත්මා විදියට ඒවා පවත්වාගෙන ගොස් අවසන් කල අයට පමණයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව සහතික ඇත්ත.

      Delete
  10. මතකය සුන්දරයි,
    එත් ඒ මතකය වේදනාවක් නම්????

    ReplyDelete
    Replies
    1. වේදානවක් වුන සුන්දර මතකයන් තියෙන්න බැරි නැහැ.

      Delete
  11. වර්ණගේ කතාව ඇස් තෙත් කළා.....

    ReplyDelete
    Replies
    1. දුක මුහු වුන සතුටක්.

      Delete
  12. විඳලා නෑ ඒ හැඟීම. ඒත් ඔයාව කියවගත්ත ලියමනින්. දිනේෂ්ට තිබුණෙ කතා කරන්න කියල මට හිතුණ. ඒත් සමහරවිට කතා කළානම් මේ ලියමන මෙහෙම නොලියවෙන්නත් තිබුණනෙ නේ...?

    ReplyDelete
    Replies
    1. කතා කරන්න තිබුනා එයා තනියම හිටියනම්. එහෙම නොවුන නිසයි මගේ හිත නැවතුනේ. කතා කලා නම් මීට වඩා දේවල් ලියවෙන්නත් තිබුනා. නොදනිමි ඉතින්.

      Delete
  13. ඊට පස්සේ නම් දිනේෂ් .... ඔය වගේ කෙනෙක් ඔයාට හමු වෙලා නෑ වගේ .... බොහෝ අය හමු වෙයි .... ඒත් ... ආදරේ ජීවිතේටම හමු වෙන්නේ එක පාරයි ... ඒකයි .ඔය සංවේදී මතකය කුරුටු ගෑවේ ... නේද ..?

    ReplyDelete
    Replies
    1. අත්තටම ඔව් අක්කේ.

      Delete
  14. // ජීවිතේ සමහර ආදරයන් අමතක කර නොහැකියි //

    එකඟ වෙන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ ගැන මුකුත් නොඅසමි.

      Delete
  15. ආදරය සුන්දර වරදකි...කිසිදා සමාවක් නම් නැති...
    මට පෙන්නලා ආලේ හැටි...ඇය දුන්නු දුක හොඳොටොම ඇති...

    (අලුත වූ ඔබගේ මතකය දශක 3 කට ආසන්නව පෙර​ කරුණාරත්න දිවුල්ගනේගෙන් ගිලිහුනු වචන ටික මගේ මතකෙට ගෙනාවා)

    ReplyDelete
    Replies
    1. හැබැයි පොඩි වෙනසකට තියෙන්නේ ඇය ඒ තරම්ම දුකක් නොදුන්න එකයි. එහෙම උනානම් මේ දේවල් අමතක වෙලා හුගක් කල්.

      Delete
  16. මෙහෙම පරණ මතක හරි සුවදයි නේද? කතා නොකරපු එක හොදයි නේද මල්ලි, සමහරවිට දෙන්නම අපහසුතාවයට පත්වෙන්න තිබුන..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. තනියම හිටියනම් එහෙම අවුලක් නැතුව කතා කරන්න තිබුනා.

      Delete
  17. හරිම සංවේදී සිදුවිමක්... මට තියනවා ඉස්කෝලේ කාලෙන් හරියටම අවු 10 ට පස්සේ මං ගැන හැඟිමක් තිබුනු පිරිමි ළමයෙක් ඒ ගැන බොහොම විවෘතව අපි දෙන්නම විවාහ වලට ඇතුලත් වුනාට පස්සේත් ඒ හැඟිම ඒ විදිහටම අදටත් ඔහුගේ හිතේ තියන බව පැවසුව සිදුවිමක්, එතකොට අපි රටවල් දෙකක, ඒත් අපි මුනගැහුනා, ලොකේ හරි පුංචි තැනක්..ඔහුගේ අවංකභාවයත් තම අදහස ඒ වගේ වෙලාවක උනත් පැවසිමට තරම් ඔහු තුල තුබු දහිරියත් මට ගෙනාවේ පුදුමයක්...

    ReplyDelete
    Replies
    1. එහෙම කතා කරන්න පුළුවන් එක වටිනවා. මටත් පස්සේ කාලෙක ආදරය හිතුන කෙනෙක්ට මම ඒක කියලා තියෙනවා. එයා දැන් වෙන කෙනෙක් බඳින්න ඉන්නේ. අපිත් ඔය කිවුවා වගේ බොහොම ලඟින් ඉන්නවා.

      Delete
  18. මේ වගේම නොවුනත් මේ වගේ අත්දැකීමක් මටත් තියෙනවා.

    ReplyDelete
  19. මම සොපින් යද්දි අපි ඒ ලෙවල් ක්ලාස් යද්දි තරගෙට ලව් කරපු ගෑනුලමයෙක් හමු වුනා..බොහෝවිට මම ඇගේ මිතුරියට ආදරය කරන්නට පෙලඹුනේ නැතිනම් ඇය මට කැමති වන්නට ඉඩ තිබුනා..නමුත් අහිමි දේව්ල පිටිපස්සෙම යන්න මොකක් හරි ලල් එකක් තියෙන නිසාම ඇය මග ඇරලා යාලුව පස්සෙ ගිහින් හඹාගියා විතරයි වුනේ අවසානෙ..

    මට ඇය හමුවුනා මාර්තු අග රෙදි ගන්න මාතර ගිය වෙලාවක. බොහෝවිට අපේ නංගි එක්ක රෛදි ගන්න මාතර යන අවසානම අවුරුද්ද වෙන්නත් ඇති.. ඇය බැදලා ඉන්නෙ කලුපාට මහ උස තඩියෙක්..මට ඇත්තටම සතුටු හිතුනා..ඌ කලුයි කැතයි..

    එයා මාත් එක්ක කතා කලා..නමුත් ඉතිං වැඩිමනක් කතාවක් නෑ..මම කැපිල මාරු වුනා..

    ReplyDelete
  20. හ්ම්......... කියන්න තියෙන්නෙ.. ලියල තියෙන ඒවම තමයි... ඒ වචන. ඒ වැකිම තමයි. තනි හිතකිං ප්‍රේම කරාම දුක වැඩියි....

    ReplyDelete
  21. අපේක්‍ෂා කල ඇය දෙස උපේක්‍ෂාවෙන් බැලීම....

    ReplyDelete
  22. සමහර විට දිනේෂ් එයත් එක්ක කතා කලා නම් මේ පෝස්ටුව මීට වඩා වෙනස් වෙන්න තිබුනා කියලා හිතෙනවා..ඒත් ආදරයකදි ලොජික් අදාල වෙන්නේ නෑනේ..

    ReplyDelete
  23. කඳුළු කතාවක්

    ReplyDelete
  24. ඒකපාර්ශවික ආදරේ මොන තරම්ම සුන්දරද නේ දිනේෂ් අයියේ,

    හමුවීමක් නැත වෙන්වීමකට මුල කීව
    හැඟුමක් ඇත සිතක ආලයෙන් මත් වෙච්ච
    අපූරුයි ඒ හැඟුම විටක මා සනසවන
    දුකත් මිහිරත් සම සමව උරුම වන

    වෙන්වීමක් දිනක වීදෝ බියක් ඇත
    හමුවීමක් නමුදු පෙරදිනක වුනේ නැත
    කොතෙක් බීවද බෙහෙත් හොරා උගුරට
    විඳි තිත්ත රස තවමත් අමතකය දිවගට

    ReplyDelete
  25. කිසිම දෙයක් හෙටට කල් දාන්න එපා කියන්නේ ඕක තමයි

    ReplyDelete
  26. වැඩ නොකරන 4න් අංක..බුකියේ සෙවිලි මාත් කරල තියනව..ඒකයැ වර්ණ ඔයා මට වඩා බාල 1 අවුරුද්දකින්නෙ.....මං හිතුවෙ ඊට වඩා පොඩියි කියල නොවැ

    ReplyDelete
  27. රවී මාමගේ ආදර නිල් දෑසේ කතාව මතක් වුණා.මතකද ඒකෙ චුට්ටිත් ඔය විදියටම චුට්ටිගේ දුවත් එක්ක අවුරුදු ගාණකට පස්සෙ මුණ ගැහෙන හැටි.හැබැයි ඒ නම් ඇඳුම් සාප්පුවකදි නෙමේ.. පොත් සාප්පුවකදි..

    ReplyDelete
  28. මුහුණට හසරැල්ලක් එක්ක ම දෑසට කඳුළු බිඳු කීපයක් ගෙනාවා.. ලස්සන සිදුවීමක්

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්